විනිශ්චයකාරයෝ 12:13 - Sinhala New Revised Version ඔහුට පසුව පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔහුට පසුව පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. Sinhala Revised Old Version ඔහුට පසුව පිරාතෝනිය හිල්ලෙල්ගේ පුත්‍රවූ අබ්දොන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. |
සාබුලොන් වැසියෙකු වූ ඒලොන් මියගිය පසු සාබුලොන් රටේ තිබෙන අයාලෝන්හි තැන්පත් කරන ලද්දේ ය.
ඔහුට පුත්‍රයෝ සතළිස්දෙනෙක් ද මුණුබුරෝ තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යන පිණිස කොටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.
පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ද මියගොස් එප්‍රායිම්හි අමලෙක්වරුන්ගේ කඳුකරයේ පීරාතෝන්හි තැන්පත් කරන ලද්දේ ය.