Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 12:14 - Sinhala New Revised Version

14 ඔහුට පුත්‍රයෝ සතළිස්දෙනෙක් ද මුණුබුරෝ තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යන පිණිස කොටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔහුට පුත්‍රයෝ සතළිස්දෙනෙක් ද මුණුබුරෝ තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යන පිණිස කොටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 පුත්‍රයෝ සතළිස් දෙනෙක්ද මුණුබුරෝ තිස්දෙනෙක්ද ඔහුට සිටියෝය, ඔව්හු කොටළුවන් සැත්තෑදෙනෙක් පිට නැගි ගියාහුය. ඔහු අට අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 12:14
4 හුවමාරු යොමු  

ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් වූවෝ ය. ඔවුන්ට ගිලියද් දේශයෙහි නගර තිහක් ද තිබුණේ ය. ඒවාට හවොත්-ජායිර් කියා අද දවස දක්වා කියනු ලැබේ.


ඔහුට පසුව පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.


පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ද මියගොස් එප්‍රායිම්හි අමලෙක්වරුන්ගේ කඳුකරයේ පීරාතෝන්හි තැන්පත් කරන ලද්දේ ය.


සුදු කොටළුවන් පිට නැඟී එන ඔබත්, බුමුතුරුණු පිට හිඳින ඔබත්, මඟ යන ඔබ හැම දෙනාත් එය ප්‍රකාශ කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්