ඉන්පසු පූජකයෝ උන් මරා, මුළු ඉශ්රායෙල් උදෙසා සමඟි කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝ ය. මන්ද, “මුළු ඉශ්රායෙල් සෙනඟ උදෙසා දවන යාග පූජා වත්, පාප පූජා වත් ඔප්පු කළ යුතු ය”යි නියම කර තිබිණි.
ලෙවී කථාව 9:15 - Sinhala New Revised Version ඉක්බිති ඔහු සෙනඟගේ පූජා පිළිගන්වමින්, සෙනඟගේ පාප පූජාව වන එළුවා ගෙන, ඌ මරා, කලින් කළ පාප පූජාව මෙන් එය පුද කෙළේ ය. Sinhala New Revised Version 2018 ඉක්බිති ඔහු සෙනඟගේ පූජා පිළිගන්වමින්, සෙනඟගේ පාප පූජාව වන එළුවා ගෙන, ඌ මරා, කලින් කළ පාප පූජාව මෙන් එය පුද කෙළේ ය. Sinhala Revised Old Version ඔහු සෙනඟගේ පූජාව ගෙනැවිත් සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා රැගෙන මරා පළමු එකා මෙන් පාපය නිසා ඔප්පුකෙළේය. |
ඉන්පසු පූජකයෝ උන් මරා, මුළු ඉශ්රායෙල් උදෙසා සමඟි කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝ ය. මන්ද, “මුළු ඉශ්රායෙල් සෙනඟ උදෙසා දවන යාග පූජා වත්, පාප පූජා වත් ඔප්පු කළ යුතු ය”යි නියම කර තිබිණි.
එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ. එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.
මෝසෙස් පාප පූජාව සඳහා පිදූ එළුවා ගැන විමසූ විට, පුදුමයකි! ඌ දවා තිබිණි. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් අතර ජීවත් ව සිට එලෙයාසර් සහ ඊතාමාර් සමඟ කිපී:
තවද, ඔබ ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘පාප පූජාවක් සඳහා නොකැළැල් එළුවෙකු ද දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති නොකැළැල් වස්සෙකු හා බැටළුවෙකු ද
දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.
සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.
එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.
ඒ දුර්වලකම් නිසා සෙනඟ උදෙසා මෙන් ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කරනු ලැබීම අවශ්‍ය ව ඇත.