ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 8:6 - Sinhala New Revised Version

ඉන්පසු ඔහු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන් නෑවුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉන්පසු ඔහු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන් නෑවුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ගෙන්වා ඔවුන් වතුරෙන් නෑවුවේය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 8:6
19 හුවමාරු යොමු  

නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි.


මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව.


ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.


“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟට ගෙනවුත්, ඔවුන්ට ස්නානය කිරීමට සලසන්න.


ආරොන් සහ ඔහුගේ පුතුන් තමන්ගේ අත් පා එයින් සේදිය යුතු ය.


ඔවුන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ගින්නෙන් දැවූ දවන පඬුර සමිඳාණන් වහන්සේට ඔප්පු කරමින්, සේවා කිරීම සඳහා පූජාසනය ළඟට කිට්ටු වන විට හෝ ඔව්හු වතුරින් තමන් සෝදාගන්නෝ නම් මරණයට පත් නො වන්නෝ ය.


“ඉන්පසු ආරොන් ද ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගෙනැවිත් ඔවුන්ට ස්නානය කරන්ට සැලැස්විය යුතු ය.


ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.


නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”


“ඔහු පූජක හණ කබාය හැඳ, හණ කලිසම් ලාගෙන, හණ පටිය ඉණ වටා බැඳ, හණ මකුටයෙන් සැරසී සිටිය යුතු ය. මේවා ශුද්ධ වස්ත්‍ර වන බැවින්, ඒවා ලාගත යුත්තේ ජලස්නානය කළ පසුව ය.


එවිට ඔහු ජනතාව අමතමින්: “සමිඳාණන් වහන්සේ ඉටු කිරීමට අණ කළ දේ මේ ය”යි කී ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.


තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.


උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර,


එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.


මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය.


“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.