ලෙවී කථාව 7:8 - Sinhala New Revised Version යමෙකුගේ දවන යාග පූජාව පුදන පූජකවරයාට, ඔහු පිදූ සතාගේ හම අයිති ය. Sinhala New Revised Version 2018 යමෙකුගේ දවන යාග පූජාව පුදන පූජකවරයාට, ඔහු පිදූ සතාගේ හම අයිති ය. Sinhala Revised Old Version යම් පූජකයෙක් යම් කෙනෙකුගේ දවන පූජාව ඔප්පුකරන්නේද ඒ පූජකයා ඔහු පිදූ දවන පූජා සතාගේ හම ලැබිය යුතුය. |
එහෙත්, ගව නාම්බාගේ මස් ද උගේ හම හා ගොම ද කඳවුරින් පිටත ගින්නෙන් පිළිස්සිය යුතු ය. එය පාප නසන පූජාවකි.
“පාප පූජාවට වලංගු නීතිය වන්දි ගෙවීමේ පූජාවට ද වලංගු වේ. පූජා ඔප්පු කරන පූජකවරයාට ඒවා අයිති ය.
උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය.
ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.
තම පිය උරුමය විකිණීමෙන් ලැබෙන ආදායමට අමතර ව සෙසු පූජකවරුන්ට මෙන් ඔහුටත් වැළඳීමට සම කොටසක් දිය යුතු ය.”