එවිට හෙසකියා කතා කොට, “දැන් ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වී සිටින බැවින් ළං වී යාග ද ස්තුති පූජා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන්නැ”යි කීවේ ය. සභාව යාග ද ස්තුති පූජා ද භාර පඬුරු වශයෙන් දවන යාග පූජා ද සතුටින් ගෙනාහ.
ලෙවී කථාව 7:12 - Sinhala New Revised Version යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් රොටි ද තෙල් ගෑ නුමුහුන් රොටි පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර රොටි ද පුද කළ යුතු ය. Sinhala New Revised Version 2018 යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් පූප ද තෙල් ගෑ නුමුහුන් පූප පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර පූප ද පුද කළ යුතු ය. Sinhala Revised Old Version ඒක ස්තුති වශයෙන් ඔප්පුකරන්නේනම්, ස්තුති පූජාව සමඟ තෙල් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපද තෙල් ගෑවාවූ මුහුන් නොදැමූ පෙතිද පෙඟුණු සිහින් පිටිවලින් බදිනලද තෙල් මිශ්‍රවූ පූපද ඔප්පුකළ යුතුය. |
එවිට හෙසකියා කතා කොට, “දැන් ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වී සිටින බැවින් ළං වී යාග ද ස්තුති පූජා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන්නැ”යි කීවේ ය. සභාව යාග ද ස්තුති පූජා ද භාර පඬුරු වශයෙන් දවන යාග පූජා ද සතුටින් ගෙනාහ.
තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට සහභාගිකමේ පූජා ද ස්තුති පූජා ද ඔප්පු කොට, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න ජුදාවරුන්ට අණ කෙළේ ය.
එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය.
ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”
ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
සමිඳාණන් වහන්සේ වෙත හැරී අවුත් මේ යාච්ඤාව උන් වහන්සේට ඔප්පු කරන්න: “අපේ සියලු අපරාධවලට කමා වී අපේ යාච්ඤා කරුණාවෙන් පිළිගත මැනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු.
“නුඹ ඇනූ පිටි, උදුනේ පුළුස්සා ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනෙන්නෙහි නම්, එය සිහින් පිටි කලවම් කළ, තෙල් මිශ්‍ර නුමුහුන් රොටි හෝ තෙල් ගෑ නුමුහුන් තුනී රොටි හෝ විය යුතු ය.
“නුඹේ ධාන්‍ය පූජාව කබලක බදින ලද ඇනූ පිටි නම්, එය නුමුහුන්, තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදූ රොටියක් විය යුතු ය.
නුඹ සමිඳාණන් වහන්සේට ස්තුති දීමේ පූජාවක් පුද කරන කල එය පිළිගත හැකි වන පරිදි ඉටු කළ යුතු ය.
ඉන්පසු එහි ඉතිරි කොටස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධ තැනක නුමුහුන් රොටි මෙන් සාදා වැළඳිය යුතු ය.
ස්තුති දීම සඳහා සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය ඌ පුදන දවසේ දී ම වැළඳිය යුතු ය. ඉන් කිසිවක් පසුදින උදය දක්වා නොතැබිය යුතු ය.
මුහුන් මුසු තුති පූජා ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැන පුරසාරම් දොඩන්න. මන්ද, ඉශ්රායෙල් ජනයෙනි, මෙවැනි දේ කිරීමට නුඹලා බොහෝ සේ කැමැති ය”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
පසුව නුමුහුන් රොටි කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටි ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී රොටි පෙති ද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.
මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා,
දෙවියන් වහන්සේ ගැන දැන දැනත්, උන් වහන්සේට පිදිය යුතු ගෞරවය වත්, තුතිපැසසුම් වත් ඔව්හු උන් වහන්සේට නොපිදූ හ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත් වී, ඔවුන්ගේ මුළා ව ගිය මනස අඳුරු විය.
අපගේ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම, ස්තුති කරන්න.
එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. ඒ පූජාව නම්, උන් වහන්සේගේ නාමයට අපේ මුවින් ම පැසසුම් දීමයි.
ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.