තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”
ලෙවී කථාව 4:35 - Sinhala New Revised Version පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.” Sinhala New Revised Version 2018 පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.” Sinhala Revised Old Version ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. |
තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”
තම අතේ ඇති ඉතිරි තෙල පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ හිස මත වත් කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු වෙනුවෙන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
ඉන්පසු ඔහු පණපිටින් සිටින පක්ෂියාට නගරයෙන් පිටත එළිමහනේ පියාඹා යන්නට හැරිය යුතු ය. මෙලෙස ගෙය පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට එය පවිත්‍ර වනු ඇත.
පූජකවරයා එක පඬුරක් පාප පූජාවක් සඳහා ද අනික දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කළ යුතු ය. මෙලෙස ඔහු ඔප්පු කරමින් ඒ තැනැත්තාගේ මෝචනය උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කළ යුතු ය.
පූජකවරයා ඒ තැනැත්තා කළ පාපය උදෙසා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා ඔප්පු කරමින් ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ පාපය ඔහුට කමා කරනු ලැබේ.
පාප පූජාව සඳහා පිදූ වස්සාට කළ ලෙස ඔහු මේ වස්සාට ද කළ යුතු ය. මෙසේ පූජකවරයා සෙනඟ උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඔවුන්ගේ පව් කමා කරනු ලැබේ.
ඉන්පසු ඔහු සහභාගිකමේ පූජාවලට පිදූ සතුන්ගේ තෙලට කළ ලෙස, උගේ තෙල සම්පූර්ණයෙන් ම පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහුගේ පාපයට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු එය ඔහුට කමා කරනු ලැබේ.”
දෙ වන සතා ද සිරිත් ප්‍රකාර දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙලෙස ඒ තැනැත්තා කළ පාපයට පූජකවරයා කමාව අයැදින කල, එය ඔහුට කමා කරනු ලැබේ.
මෙලෙස ඉහත දැක්වූ කරුණුවලින් යමකට විරුද්ධ ව යමෙකු කළ පාපයට පූජකවරයා පව් කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ. ධාන්‍ය පූජාවෙන් ඉතිරි වූ කොටස මෙන්, මෙයින් ඉතිරි කොටස ද පූජකවරයාට අයිති ය.”
තවද, ඔහු තමා වරදකරුවෙකු කළ පාපය වෙනුවට සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාවක් පිණිස රැළෙන් ගැහැණු සතෙකු වන එළු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ ගෙනා යුතු ය. පූජකවරයා ද ඔහු කළ පාපයට සමාව අයැදිනු ඇත.
පූජකවරයා ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහුට පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ වරද කුමක් වුව ද එය ඔහුට කමා කරනු ලැබේ.”
ඉන්පසු ඔහු ආරොන් අමතා, “පූජාසනයට ළඟා වී, ඔබ උදෙසා ද සෙනඟ උදෙසා ද පව් කමාව අයැදිමින් ඔබේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදන්න. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි සෙනඟගේ පූජා පුදා ඔවුන් උදෙසා පව් කමාව අයැදින්නැ”යි කීවේ ය.
මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ.
මන්ද, අදහන සියල්ලන් ම දමිටු බවට පැමිණවීමෙන් ක්‍රිස්තුන් වහන්සේ ව්‍යවස්ථාවේ පරමාර්ථය සපුරාලූ සේක.
උන් වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ, අප දෙවියන් වහන්සේ හා සමඟ දමිටු බවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක.
දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.
ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු.
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.
එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?
පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය.
ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක.
එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.
අපේ පාපයෙන් මිදීමේ මිලය උන් වහන්සේ ය; එය අපේ පව් උදෙසා පමණක් නොව සකල ලෝකයාගේ ද පව් උදෙසා ය.