Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 4:35 - Sinhala Revised Old Version

35 ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 4:35
40 හුවමාරු යොමු  

උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය.


ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය.


පූජකයාගේ අතේ ඉතිරිව තිබෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නාගේ හිසේ ගා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කෙරේවා.


පූජකයාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහු යමක් කිරීමෙන් වරදකාරයෙක් වූයේද ඒ ගැන ක්ෂමාකරනු ලබන්නේයයි කීසේක.


උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.


නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.


මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.


අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.


උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත,


කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.


උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.


උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.


ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.


එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.


උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූසේක.


පූජකයාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව උදෙසා සමඟිකමක් කෙරේවා, එවිට ඔවුන්ට කමාව ලැබේ; මක්නිසාද ඒක වැරදිල්ලක්ය, ඔව්හුද ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට තමුන්ගේ පූජාව සහ තමුන්ගේ පාප පූජාවත් තමුන්ගේ වැරදිල්ල ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනාවාහුය.


පණ ඇති පක්ෂියා නුවරින් පිටත එළිමහනෙහි නිදහස්කර හරීවා. මෙලෙස ඔහු ගෙය උදෙසා සමගිකමක් කරන්නේය; ඒක පවිත්‍රවන්නේය.


බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.


මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹ පූජාසනයට ළඟාවී ස්වාමීන්වහන්සේ අණකළ ලෙස නුඹේ පාප පූජාවද නුඹේ දවන පූජාවද පූජාකොට නුඹ උදෙසාත් සෙනඟ උදෙසාත් සමගිකමක් කරන්න. සෙනඟගේ පූජාව පූජාකොට ඔවුන් උදෙසා සමගිකමක් කරන්නැයි කීවේය.


මෙසේ පූජකයා ඔහු මේ දේවලින් එකක් ගැන කළාවූ ඔහුගේ පාපය ගැන සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. ඉතිරි කොටස ආහාර පූජාව මෙන් පූජකයාට වන්නේයයි කීසේක.


නියමය ලෙස ඔහු අනිකා දවන පූජාවක් කොට ඔප්පුකළ යුතුය. එසේ පූජකයා ඔහු කළ පාපය ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


තමා විසින් කළ පාපය උදෙසා අපරාධ පූජාව පිණිස රැළෙන් බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ගෑනු සතෙකු පාප පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; පූජකයාද ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.


පූජකයාද එසේ වැරදිල්ලකින් නොදැන පව්කරන අය උදෙසා සමඟිකමක් කිරීමෙන් ඔහුට කමාව ලැබෙන පිණිස ඔහු උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමඟිකමක් කරාවා.


පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.


පූජකයාද ඔහු කළ පාපය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කෙරේවා. එවිට ඔහු කළ පාපය ගැන ඔහුට ක්ෂමාව ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්