සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සියලු බඩු එනම්, රන් පූජාසනය ද පිදීමේ පූප තැබීමට රන් මේසය ද
ලෙවී කථාව 24:6 - Sinhala New Revised Version පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට රොටි තැබිය යුතු ය. Sinhala New Revised Version 2018 පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට පූප තැබිය යුතු ය. Sinhala Revised Old Version ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර මේසය උඩ පෙළකට සයක් බැගින් දෙපෙළකට තබන්න. |
සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සියලු බඩු එනම්, රන් පූජාසනය ද පිදීමේ පූප තැබීමට රන් මේසය ද
ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ රොටි රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය.
සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ රොටි තිබුණු මේස ද,
තවද, ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයට අපේ පිය වංශවල ප්‍රකාරයට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දෙන පඬුරු ගෙන ඊම ගැන පූජකයන් ද ලෙවීවරුන් ද සෙනඟ ද වන අපි පස ඇට දැමුවෙමු.
ලී පූජාසනය මෙනි. එහි උස මීටර් එකහමාරක් ය, දිග මීටර් එකක් ය. එහි කොන් ද එහි ඇති අඩිය ද එහි පැති ද ලීවලින් ය. එවිට ඔහු කතා කරමින්, ‘මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසය ය’යි මට කී ය.
එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් රොටි ද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.