Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 7:48 - Sinhala New Revised Version

48 සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සියලු බඩු එනම්, රන් පූජාසනය ද පිදීමේ පූප තැබීමට රන් මේසය ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සියලු බඩු එනම්, රන් පූජාසනය ද පිදීමේ පූප තැබීමට රන් මේසය ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

48 සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:48
22 හුවමාරු යොමු  

එයින්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා රිදී කුසලාන් ද පහන් කතුරු ද තළි ද හොරණෑ ද යම් රන් භාජන හෝ රිදී භාජන ද නොසාදා,


ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.


ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී.


සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ රොටි තිබුණු මේස ද,


ඔහු මේස දහයක් ද සාදා, පහක් මාලිගාවේ දකුණේ ද පහක් වමේ ද තැබුවේ ය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේ ය.


රිදී කණින ආකර ඇත; රන් පවිත්‍ර කරන කෝව ඇත.


මේසය හා එහි උපකරණ සියල්ල ද පිදුම් රොටි ද


රන් පූජාසනය ද ආලේප තෛලය හා සුවඳ ද්‍රව්‍ය ද මණ්ඩපයේ දොරටුවට කඩතුරාව ද


සම්මුඛ මණ්ඩපය තුළ තිරය ඉදිරිපිට රන් පූජාසනය තබා


දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තෙහි මේස දෙකක් ද තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද සඳහා සතුන් මරණ පිණිස ය.


සෙන්ටිමීටර් හැත්තෑපහක් දිග ද සෙන්ටිමීටර් හැත්තෑපහක් පළල ද සෙන්ටිමීටර් පණහක් උස ද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජා ද වෙනත් පූජා ද සඳහා යාග සතුන් මරන්න පාවිච්චි කරන ආයුධ තැබීමට ය.


ලී පූජාසනය මෙනි. එහි උස මීටර් එකහමාරක් ය, දිග මීටර් එකක් ය. එහි කොන් ද එහි ඇති අඩිය ද එහි පැති ද ලීවලින් ය. එවිට ඔහු කතා කරමින්, ‘මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසය ය’යි මට කී ය.


ඔවුන්ට නම්, මාගේ ශුද්ධස්ථානයට ඇතුල් වන්නත්, මට සේවය කිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්නත්, මාගේ සේවය පවත්වන්නත් අවසර ඇත.


“එහෙත් නුඹලා සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්නහු ය.


ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද ඔබට සහභාගි විය නොහැක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්