“යම්කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ආත්ම බන්ධනකාරයන්ගේ හෝ මන්ත්‍රකාරයන්ගේ හෝ පිහිට සෙව්වොත්, ඔවුන්ට ගල් ගසා ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.”
ආත්ම බන්ධනකරුවූ නොහොත් ශාස්ත්‍රකාරවූ පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ සැබවින් මරනු ලැබිය යුතුය. ඔවුන් ගල්ගසනු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේයයි කීසේක.
ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේ දී ගිනි පූජාවක් වශයෙන් ඔප්පු කෙළේ ය. ඔහු නිමිති බැලීම් ද ශාස්ත්‍ර කීම් ද මායම් ද උපයෝගී කොට, ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද ආශ්‍රය කෙළේ ය. සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි ඔහු නපුරු දේ බොහෝ සෙයින් ම කෙළේ ය.
“කොඩිවිනකාර ස්ත්‍රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතු ය.
“නුඹලා නොකෙලෙසෙන පිණිස ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය නොතකන්න. මන්ත්‍රකාරයන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.
“නැවත ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙකු හෝ ඉශ්රායෙල් ජනයා අතර වසන විදේශිකයෙකු හෝ තම දරුවෙකු මොලෙක් නම් දේවතාවා හට බිලි කළොත්, සෙනඟ ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.
තවද, යමෙකු මට අවිශ්වාසවන්ත වී ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය හා මන්ත්‍රකාරයන් පසුපස ගියොත්, මම එවැන්නෙකුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු නෙරපා දමමි.
“සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනෙන්න. ඔහු කී දේට කන් දුන් සියල්ලන් ඔහුගේ හිස මත අත් තබා, මුළු ජනතාව ම ඔහුට ගල් ගැසිය යුතු ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඒ මිනිසා මරණයට පත් කළ යුතු ය. මුළු ජනතාව ම ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මැරිය යුතු ය”යි වදාළ සේක.
අප යාච්ඤා කරන තැනට යද්දී, ගුප්ත දෑ හෙළි කරන ආත්මයක් ආවේශ වූ, පේන කීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා දුන්, එක්තරා වහල් තරුණියක් අපට හමු වූවා ය.
එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝ ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”
මේ කාලයේ දී සාමුවෙල් මියගොස් තිබිණි. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී, ඔහුගේ ම නුවර වූ රාමාහි ඔහු තැන්පත් කළහ. සාවුල් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහ කර තිබිණි.