එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනයා මට සවන් දෙන්නේ නැත්නම්, කතාවෙහි චතුරත්වයක් නැති මට පාරාවෝ කෙසේ සවන් දෙන්නේ දැ”යි විචාළේ ය.
ලෙවී කථාව 19:23 - Sinhala New Revised Version “නුඹලා දේශයට පැමිණ, ආහාර සඳහා විවිධ ගස් වර්ග රෝපණය කළ පසු, පළමු අවුරුදු තුනේ දී ඒවායේ පල කෑම තහනම් ලෙස සැලකිය යුතු ය. ඒවා අනුභව නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 “නුඹලා දේශයට පැමිණ, ආහාර සඳහා විවිධ ගස් වර්ග රෝපණය කළ පසු, පළමු අවුරුදු තුනේ දී ඒවායේ පල කෑම තහනම් ලෙස සැලකිය යුතු ය. ඒවා අනුභව නොකළ යුතු ය. Sinhala Revised Old Version නුඹලා දේශයට අවුත් ආහාර පිණිස සියලු ආකාර ගස් සිටෙවු කල එහි ඵල ඒවායේ අචර්මඡේද්‍යය මෙන් සලකන්න. ඒවා තුන් අවුරුද්දක් නුඹලාට අචර්මඡේද්‍යය මෙන් තිබිය යුතුය; ඒවා නොකෑ යුතුය. |
එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනයා මට සවන් දෙන්නේ නැත්නම්, කතාවෙහි චතුරත්වයක් නැති මට පාරාවෝ කෙසේ සවන් දෙන්නේ දැ”යි විචාළේ ය.
එහෙත් මෝසෙස් සමිඳාණන් වහන්සේට කීවේ, “බලන්න, මම කතාවෙහි දක්ෂයෙක් නොවෙමි, එසේ නම් පාරාවෝ මට සවන් දෙන්නේ කුමට දැ”යි කියා ය.
මම මෙසේ පිළිතුරු දිනිමි: “සවන් දෙන හැටියට මම කාට කතා කර අවවාද කරම් ද? ඔවුන් මුරණ්ඩු වී ඔවුන්ගේ කන් වසාගෙන ඇති බැවින් සවන් දෙන්නට ඔවුන්ට බැරි ය. සමිඳාණන් වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී ඇත. ඔව්හු එයට ප්‍රිය නොවෙති.
“උරුම වශයෙන් නුඹලාට දෙන්නට යන කානාන් දේශයට නුඹලා පැමිණි විට, උරුම වන එම දේශයේ යම් ගෘහයක ලාදුරු රෝගය බෝවෙන්නට මා සැලැස්සුවොත්,
පූජකවරයා ඒ තැනැත්තා කළ පාපය උදෙසා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා ඔප්පු කරමින් ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ පාපය ඔහුට කමා කරනු ලැබේ.
“වහු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ එළු පැටියෙකු හෝ උපන් විට, දවස් හතක් යන තෙක් ඌ උගේ මවගෙන් ඉවතට නොගත යුතු ය. අට වන දින පටන් සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් ලෙස ඌ පිළිගනු ඇත.
නුඹලාගේ නාඹුල් පල පඬුර දෙවියන් වහන්සේ වෙත ගෙනෙන දින වන තෙක් නුඹලා අලුත් ධාන්‍ය රොටි මෙන් සාදා හෝ අමුවෙන් හෝ විළඳ ලෙස හෝ අනුභව නොකළ යුතු ය. නුඹලා කොතැනක වාසය කළත්, නුඹලාගේ පෙළපත් තුළ මෙය සදහට ම වලංගු නියෝගයකි.”
“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.