දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය.
ලෙවී කථාව 18:19 - Sinhala New Revised Version “යම් ස්ත්‍රියකගේ ඔසප් වීමේ කාලයේ දී ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. Sinhala New Revised Version 2018 “යම් ස්ත්‍රියකගේ ඔසප් වීමේ කාලයේ දී ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. Sinhala Revised Old Version ස්ත්‍රියෙක් මාසේ මාරුවී අපවිත්‍රව සිටින තුරු ඇගේ නග්නභාවය හැරීමට ඈ කරා නොපැමිණෙන්න. |
දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය.
ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත; ඔසප් වී සිටින ස්ත්‍රියක වෙත ළඟා වන්නේ නැත;
සමහරු සිය පියාගේ බිරිඳගේ නිරුවත අනාවරණය කළහ; ඔසප් ව සිටි ස්ත්‍රීන්ට බලහත්කාරකම් කළහ.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “ස්ත්‍රියක ගැබ්ගෙන පිරිමි දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් ව සිටිය දිනවල දී මෙන් ම හත් දවසක් අපවිත්‍ර ව සිටින්නී ය.
“යම්කිසි ස්ත්‍රියකට මාසික ඔසප් වීම වූ විට ඈ හත් දිනක් අපවිත්‍ර වී සිටින්නී ය. යමෙකු ඈ ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.
ඒ කාලය තුළ දී යම් පුරුෂයෙකු ඈ සමඟ සයනය කර ඇගේ අපවිත්‍රතාවය ඔහු පිටට පැමිණියහොත්, ඔහු හත් දිනක් අපවිත්‍ර වේ. ඔහු සයනය කරන යහන ද අපවිත්‍ර වනු ඇත.
නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.
යම් මිනිසෙකු ස්ත්‍රියක සමඟ ඇගේ ඔසප් වීමේ කාලයේ දී සයනය කළොත්, ඇගේ ලේ ගැලීම දෙදෙනා ම දකින බැවින්, දෙදෙනා ම ඔවුන්ගේ සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය.