Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 18:19 - Sinhala Revised Old Version

19 ස්ත්‍රියෙක් මාසේ මාරුවී අපවිත්‍රව සිටින තුරු ඇගේ නග්නභාවය හැරීමට ඈ කරා නොපැමිණෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “යම් ස්ත්‍රියකගේ ඔසප් වීමේ කාලයේ දී ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “යම් ස්ත්‍රියකගේ ඔසප් වීමේ කාලයේ දී ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 18:19
8 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙක් ඔසප්වී සිටින ස්ත්‍රියෙකු සමඟ සයනයකර ඇගේ නග්නභාවය හැරීයොත් ඔහු ඇගේ උල්පත නග්නකෙළේය, ඈද තමාගේ ලේ උල්පත හැරීයාය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදැමිය යුතුය.


යම් පුරුෂයෙක් ඈ සමඟ සයනය කොට ඇගේ කිලුට ඔහු පිට වන්නේනම්, ඔහු සත් දවසක් අපවිත්‍රව සිටින්නේය; ඔහු සැතපෙන සියලු යහන්ද අපවිත්‍රව තිබෙන්නේය.


නුඹ තුළ පියාගේ නග්නකම ප්‍රකාශකළෝය. නුඹ තුළ ඔසප්ව සිටි තැනැත්තීට අගෞරවකළෝය.


ඉශ්‍රායෙල් වංශයේ දේවරූපවලට තමාගේ ඇස් නොඑසෙවුවේ නම්, අන් කෙනෙකුගේ භාර්යාව අපවිත්‍ර නොකොට, ඔසප්වී සිටින ස්ත්‍රියෙක් වෙතට නොපැමිණ සිටින්නේ නම්,


යම් ස්ත්‍රියෙකුට ප්‍රමේහයක් ඇතිවී ඇගේ ශරීරයේ ප්‍රමේහය ලේවීනම් ඈ සත් දවසක් ඇගේ කිලුටුකමෙහි වන්නීය. ඈ ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න–ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය.


නුඹේ භාර්යාව ජීවත්ව සිටියදී විරුද්ධකම් හටගන්න හැටියට, ඈ හැර ඇගේ සහෝදරීත් නග්නභාවය හරින පිණිස පාවානොගන්න.


දාවිත් පණිවිඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේය; ඈ ඔහු ළඟට ආවාය, ඔහු ඈ සමඟ සයනය කෙළේය. (ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදුවී සිටියාය.) ඈ තමාගේ ගෙදරට හැරී ගියාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්