ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 13:51 - Sinhala New Revised Version

ඔහු ද එහි රෝගය හත් වන දින සෝදිසි කළ විට එය ඉහත කී වස්ත්‍රයක එනම්, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා පැතිරී ගොස් තිබේ නම්, එවැන්නක් සැරෙන් බෝවෙන චර්ම රෝගයකි. එය අපවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු ද එහි රෝගය හත් වන දින සෝදිසි කළ විට එය ඉහත කී වස්ත්‍රයක එනම්, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා පැතිරී ගොස් තිබේ නම්, එවැන්නක් සැරෙන් බෝවෙන චර්ම රෝගයකි. එය අපවිත්‍ර ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු සත්වෙනි දින කුෂ්ඨය බලාවා. ඉදින් වස්ත්‍රයේ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමේවත් හමෙන් සෑදූ කොයියම් දෙයකවත් කුෂ්ඨය පැතිර තිබෙන බව පෙනේනම් එය වස කුෂ්ඨයක්ය; ඒක අපවිත්‍රය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 13:51
5 හුවමාරු යොමු  

හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හම් පිළියක් හෝ හමින් සෑදූ යමක් හෝ වේවා,


ඔහු එය සෝදිසි කළ පසු, දින හතක් එය වෙන් කොට තැබිය යුතු ය.


එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය.


හත් වන දින දී ඔහු පැමිණ පරීක්ෂා කොට ඒ ලකුණු ගෙයි බිත්තිවල පැතිර ගොස් තිබේ නම්,


පූජකවරයා යළි පැමිණි විට රෝගය ගෙයි පැතිරී ගොස් තිබෙන බව පෙනේ නම්, එය සැරෙන් පැතිරී යන බෝවෙන චර්ම රෝගයක් ය, එය අපවිත්‍ර ය.