Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 13:52 - Sinhala New Revised Version

52 එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

52 එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

52 ඒ වස්ත්‍රයත් ලෝම වුවත් හණ වුවත් දිග නූල් හෝ හරස් නූල් හෝ කුෂ්ඨය ඇති සියලුම හම් බඩුත් ඔහු පුලුස්සා දැමිය යුතුය; මක්නිසාද එය වස කුෂ්ඨයක්ය; ඒක ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:52
10 හුවමාරු යොමු  

රිදීයෙන් ද රනින් ද ඔප දමන ලද දේව රූප ගෙන, “නුඹලා අපෙන් ඉවත් වෙත්වා”යි කියමින් ඔබ ඒවා කුණු කසළ මෙන් විසිකර දමන්නහු ය.


උන්ගේ මළකුණක් මැටි බඳුනකට වැටුණොත්, එහි තිබෙන සියල්ල අපවිත්‍ර වනු ඇත. එය ද බිඳ දැමිය යුතු ය.


උන්ගේ මළකුණුවලින් කිසිවක් යම් දෙයක් පිට වැටේ ද, එය උදුනක් වේ වා, වළං මැස්සක් වේ වා, ඒවා කඩාදැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. නුඹලා ද ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.


“යම් රෙදි කඩක චර්ම රෝග ලකුණු තිබුණොත්, එම රෙදි කඩ ලෝම වස්ත්‍රයක් හෝ හණ වස්ත්‍රයක් හෝ වේවා,


හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හම් පිළියක් හෝ හමින් සෑදූ යමක් හෝ වේවා,


ඔහු ද එහි රෝගය හත් වන දින සෝදිසි කළ විට එය ඉහත කී වස්ත්‍රයක එනම්, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා පැතිරී ගොස් තිබේ නම්, එවැන්නක් සැරෙන් බෝවෙන චර්ම රෝගයකි. එය අපවිත්‍ර ය.


එහෙත්, පූජකවරයා එවැනි වස්ත්‍රයක් සෝදිසි කළ පසු එම රෝගය, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා, එය පැතිරී ගොස් නැත්නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්