ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 13:35 - Sinhala New Revised Version

එහෙත්, ඔහු සෝදාගත් පසු දදය වඩාත් පැතිරී ගොස් තිබේ නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, ඔහු සෝදාගත් පසු දදය වඩාත් පැතිරී ගොස් තිබේ නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙත් ඔහුගේ පවිත්‍රවීමෙන් පසු කබොල්ල හමේ පැතුරුණොත් පූජකයා ඔහු බලාවා.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 13:35
7 හුවමාරු යොමු  

හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කොට, එය හමේ පැතිරී ගොස් තිබේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.


පූජකවරයා එම වණය සෝදිසි කළ යුතු ය. එය හමේ ගැඹුරට ගොස් තිබෙන බවත්, එහි කහ පාටට හුරු සිහින් රෝම ඇති බවත් පෙනේ නම්, පූජකවරයා එවැනි අය අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය දදයක් බැවින්, එය හිසේ හෝ නිකටේ හෝ හටගන්න බෝවෙන චර්ම රෝගයකි.


නැවත හත් වන දින පූජකවරයා ඒ රෝගියා සෝදිසි කොට, දදය හමේ නොපැතිරී, හමේ ගැඹුරට නොගොස් ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. රෝගියා ද තම වස්ත්‍ර සෝදාගත් පසු පවිත්‍ර වේ.


පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට දදය පැතිරී ගොස් ඇත්නම්, එහි කහ පාටට හුරු රෝම නැති ව වේවා ඔහු අපවිත්‍ර කෙනෙකු වනු ඇත.


පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට පවිත්‍ර යයි ප්‍රකාශ කළ පසු තඩිස්සිය හමේ වඩා පැතිරී ගියහොත්, ඔහු පූජකවරයා වෙත ඉදිරිපත් වී නැවත සෝදිසි කරවා ගනු ලැබිය යුතු ය.


එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය.