Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:35 - Sinhala Revised Old Version

35 එහෙත් ඔහුගේ පවිත්‍රවීමෙන් පසු කබොල්ල හමේ පැතුරුණොත් පූජකයා ඔහු බලාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 එහෙත්, ඔහු සෝදාගත් පසු දදය වඩාත් පැතිරී ගොස් තිබේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 එහෙත්, ඔහු සෝදාගත් පසු දදය වඩාත් පැතිරී ගොස් තිබේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:35
7 හුවමාරු යොමු  

නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.


සත්වෙනි දින පූජකයා ඔහු බලාවා. ඒක හමේ පැතිර තිබේනම් ඔහු අපවිත්‍රයයි පූජකයා ප්‍රකාශකෙරේවා. ඒක කුෂ්ඨරෝගයය.


එහෙත් ඔහුගේ පවිත්‍රවීම පිණිස ඔහු පූජකයාට පෙනුණු පසු කබොල්ල හමෙහි පැතිර ගියොත් ඔහු නැවත පූජකයාට පෙනේවා.


පූජකයා ලපය බැලිය යුතුය. එවිට ඒක හමට වඩා පහත් බවද ඒකේ කහවන් සිහින් මයිල් තිබෙන බවද පෙනුණොත් පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක කබොල්ලක්ය, හිසේ නොහොත් රැවුලේ කුෂ්ඨයක්ය.


තවද සත්වෙනි දින පූජකයා ලපය බලාවා. එවිට කබොල්ල හමෙහි පැතිර නොගොස් හමට වඩා පහත්ව නැති බව පෙනුණොත් ඔහු පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කෙරේවා. ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන පවිත්‍රවන්නේය.


එවිට කබොල්ල හමේ පැතිර තිබුණොත් පූජකයා කහපාට මයිල් ඇද්දැයි සොයන්ට ඕනෑ නැත; ඔහු අපවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්