උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, “තුන් අවුරුදු වැස්සියක ද තුන් අවුරුදු එළුදෙනෙක ද තුන් අවුරුදු බැටළුවෙකු ද කොබෙයියෙකු හා පරෙවි පැටවෙකු ද මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
ලෙවී කථාව 12:6 - Sinhala New Revised Version “පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය. Sinhala New Revised Version 2018 “පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය. Sinhala Revised Old Version පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල්හි දවන පූජාවකට අවුරුද්දක්වූ බැටළුවස්සෙක්ද පාප පූජාවකට පරෙවි පැටියෙක් හෝ කොබෙයියෙක්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය. |
උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, “තුන් අවුරුදු වැස්සියක ද තුන් අවුරුදු එළුදෙනෙක ද තුන් අවුරුදු බැටළුවෙකු ද කොබෙයියෙකු හා පරෙවි පැටවෙකු ද මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “ස්ත්‍රියක ගැබ්ගෙන පිරිමි දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් ව සිටිය දිනවල දී මෙන් ම හත් දවසක් අපවිත්‍ර ව සිටින්නී ය.
එහෙත්, ඈ ගැහැණු දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් දිනවල දී මෙන් සති දෙකක් අපවිත්‍ර ව සිටින්නී ය. ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යෑමෙන් පවිත්‍ර වීම පිණිස දවස් හැටහයක් සිටිය යුතු ය.
පූජකවරයා එය සමිඳාණන් වහන්සේට පුදා ඇගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු හෝ ලැබූ පසු ස්ත්‍රියක ඉටු කළ යුතු පිළිවෙත මෙය වේ.
තවද, ඔහුගේ පුළුවන්කමේ හැටියට කොබෙයියන් ජෝඩුවක් හෝ පරෙවියන් ජෝඩුවක් හෝ ගෙනා යුතු ය. මින් එකක් පාප පූජාවක් සඳහා ය, අනික දවන යාග පූජාවක් සඳහා ය.
අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත පැමිණ ඒවා පූජකවරයාට දිය යුතු ය.
අට වන දින ඈ කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත ගෙනා යුතු ය.
අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පූජකවරයා වෙත ගෙනා යුතු ය.
මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන්, ඔව්හු උන් වහන්සේ සමිඳාණන් වහන්සේට කැප කරනු වස්, ජෙරුසලමට ගෙනාහ.
පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!
දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.