ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 1:8 - Sinhala New Revised Version

ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් පූජාසනය මත ඇති ඒ ගිනි පිට, දර උඩ සතාගේ හිස, තෙල ඇතුළු කොටස් පිළිවෙළින් තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් පූජාසනය මත ඇති ඒ ගිනි පිට, දර උඩ සතාගේ හිස, තෙල ඇතුළු කොටස් පිළිවෙළින් තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් හිසද තෙලද යන කොට්ඨාස පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ පිළිවෙළින් තැබිය යුතුය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 1:8
9 හුවමාරු යොමු  

එබැවින් අපට ගොනුන් දෙදෙනෙකු දෙත් වා! ඔව්හු එක ගොනෙකු තෝරාගෙන කෑලිවලට කපා, දර පිට තබා යටින් ගිනි නොතබත් වා! මමත් අනික් ගොනා පිළියෙළ කොට දර පිට තබා, යටින් ගිනි නොතබන්නෙමි.


දර පිළිවෙළින් තබා, ගොනා කැබෙලි කොට කපා දර පිට තැබී ය. තවද, “වතුර සැළි සතරක් පුරවා දවන යාග පූජාව පිටත්, දර පිටත් වත්කරන්නැ”යි ඔහු කීවේ ය.


ශාලාව ඇතුළේ වටේට අල්ලක පළල ඇති කොකු සවිකර තිබිණි. පූජා මාංස තබන පිණිස මේස තිබිණි.


ඉන්පසු ඌ කෑලිවලට කපා, පූජකවරයා උගේ කොටස් ද, හිස හා තෙල ද පූජාසනය මත ඇති ගිනි උඩ, දර පිට පිළිවෙළින් තැබිය යුතු ය.


තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ කොටස් නම්, අතුණු වසා ඇති තෙල, අතුණු පිට ඇති තෙල් සියල්ල,


වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.