ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් පූජාසනය මත ඇති ඒ ගිනි පිට, දර උඩ සතාගේ හිස, තෙල ඇතුළු කොටස් පිළිවෙළින් තැබිය යුතු ය.
ලෙවී කථාව 1:12 - Sinhala New Revised Version ඉන්පසු ඌ කෑලිවලට කපා, පූජකවරයා උගේ කොටස් ද, හිස හා තෙල ද පූජාසනය මත ඇති ගිනි උඩ, දර පිට පිළිවෙළින් තැබිය යුතු ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ඌ කෑලිවලට කපා, පූජකවරයා උගේ කොටස් ද, හිස හා තෙල ද පූජාසනය මත ඇති ගිනි උඩ, දර පිට පිළිවෙළින් තැබිය යුතු ය. Sinhala Revised Old Version ඔහු උගේ හිසද තෙලද සමඟ ඌ කොට්ඨාසවලට කපාවා. පූජකයාද පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ ඒවා පිළිවෙළින් තැබිය යුතුය; |
ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් පූජාසනය මත ඇති ඒ ගිනි පිට, දර උඩ සතාගේ හිස, තෙල ඇතුළු කොටස් පිළිවෙළින් තැබිය යුතු ය.
තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ කොටස් නම්, අතුණු වසා ඇති තෙල, අතුණු පිට ඇති තෙල් සියල්ල,
වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.