ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 16:16 - Sinhala New Revised Version

සාම සිඹීමකින් එකිනෙකාට මාගේ ආචාරය පිරිනමන්න. ක්‍රිස්තුන් වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ශුද්ධවූ සිපාචාරයකින් එකිනෙකාට මාගේ ආචාරය පිරිනමන්න. ක්‍රිස්තුන් වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ නුඹලාට ආචාරකරති.

පරිච්ඡේදය බලන්න



රෝම 16:16
6 හුවමාරු යොමු  

ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න.


ඔවුන් සියලු දෙනා හඬමින් පාවුලුගේ ගෙල වැළඳ ගෙන සාදරයෙන් සිඹ ගත්තෝ ය.


සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. සාම සිඹීමකින් එකිනෙකාට ඔබත් ආචාරය කරන්න.


සාම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න.


සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න.


ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සාමදානය වේ වා!