රෝම 11:30 - Sinhala New Revised Version විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත. සිංහල කාලීන පරිවර්තනය කලක් දෙවියන්වහන්සේට අකීකරුව සිටි ඔබ, ඔවුන්ගේ අකීකරුවීම හේතුවෙන් දැන් දයාව ලැබූ අයුරින්, Sinhala New Revised Version 2018 විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත. Sinhala Revised Old Version මක්නිසාද පසුගිය කාලයෙහිදී නුඹලා දෙවියන්වහන්සේට අකීකරුව සිට, ඔවුන්ගේ අකීකරුකම නිසා දැන් යම්සේ කරුණාව ලැබුවහුද, |
එසේ ම, ඔවුන් දැන් අකීකරු ව සිටින්නේ, ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනුත් කරුණාව ලබන පිණිස ය.
විජාතීන් විසින් දෙවියන් වහන්සේගේ දයාව ගැන උන් වහන්සේට ගෞරව කරන පිණිසත් ය. ශුද්ධ ලියවිල්ලෙහි: “එබැවින් විජාතීන් අතර ඔබ පසසන්නෙමි. ඔබගේ නාමයට ගී ගයන්නෙමි”යි ලියා ඇත.
අවිවාහකයන් ගැන මට සමිඳාණන් වහන්සේගෙන් ආඥාවක් ලැබී නැත. එහෙත්, සමිඳාණන් වහන්සේගේ කරුණාවෙන් විශ්වාස කටයුතු තැනැත්තෙකු වන මම, මගේ අදහස කියනු කැමැත්තෙමි.
තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි.
තමන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි උන් වහන්සේ දිවුරා කීවේ කවුරුන් ගැන ද? අකීකරු වූවන් ගැන නොවේ ද?
වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනඟ ව සිටින්නහු ය. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය.