ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය.
රූත් 4:8 - Sinhala New Revised Version එහෙයින් ඒ ඇවැස්ස නෑයා, “ඔබ ම මිලයට ගන්නැ”යි බෝවස්ට කියා, තම පාවහන ගලවා බෝවස්ට දුන්නේ ය. Sinhala New Revised Version 2018 එහෙයින් ඒ ඇවැස්ස නෑයා, “ඔබ ම මිලයට ගන්නැ”යි බෝවස්ට කියා, තම පාවහන ගලවා බෝවස්ට දුන්නේ ය. Sinhala Revised Old Version ඒ නිසා ළඟ නෑයා: නුඹ ඒක මිලේට ගන්නැයි බෝවස්ට කියා තමාගේ මිරිවැඩිය ගැළෙවුවේය. |
ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය.
යම්කිසි විටක ඉඩකඩම් මුදාගැනීමේ දී හෝ හුවමාරු කිරීමේ දී හෝ ඉශ්රායෙල් රටේ මිනිසුන් අතරේ පැවති ස්ථීර කිරීමේ සිරිත මෙසේ ය: විකුණන්නා පාවහන ගලවා මිලයට ගන්නාට දෙයි. ඉශ්රායෙල්හි පැවති ගනුදෙනුව සහතික කිරීමේ පිළිවෙළ මෙය විය.
එවිට එතැන සිටි ප්‍රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය.