Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 25:9 - Sinhala New Revised Version

9 ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියෙහි ඔහු ළඟට ගොස්, ඔහුගේ මිරිවැඩියක් ඔහුගේ පයින් ගළවා, ඔහුගේ මුහුණට කෙළගසා: තමාගේ සහෝදරයාගේ පවුල ගොඩ නොනගන මනුෂ්‍යයාට මෙසේ කළ යුතුයයි උත්තරදෙමින් කියාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 25:9
16 හුවමාරු යොමු  

ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක.


එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය.


ඔව්හු එතුමාණන්ට නින්දා කොට, කෙළ ගසා, කසවලින් තළා මරණයට පත් කරන්නෝ ය. තෙ දිනකට පසු එතුමාණෝ උත්ථාන වන සේකැ”යි වදාළ සේක.


ඔහු දේශනා කරමින්, “මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි;


ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ.


එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී,


මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.


එයට තුන් අවුරුද්දකට පෙර සමිඳාණන් වහන්සේ ආමොස්ගේ පුත්‍ර වූ යෙසායාට කතා කොට, ඔහු ඉඟ වටා ඇඳ සිටි ගෝණි රෙද්ද හා ලා ගෙන සිටි පාවහන් ඉවත දමන්න අණකළ සේක. ඔහු එසේ කොට වස්ත්‍ර ද පාවහන් ද නැති ව ඇවිද්දේ ය.


ඔව්හු මා පිළිකුල් කොට මාගෙන් ඈත් වෙති; මාගේ මූණට කෙළ ගැසීමට වුවත් ඔවුන්ට බියක් නැත.


එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.


එවිට නුවර ප්‍රජා මූලිකයන් ඔහු කැඳවා, ඔහුට කතා කළ යුතු ය. ‘මම ඇය සරණ පාවාගන්නට අකමැත්තෙමි’යි ඔහු තදින් කියා සිටින්නේ නම්,


‘සෙරෙප්පුව ගලවන ලද තැනැත්තාගේ පවුල’ කියා ඉශ්රායෙල් ජනතාව අතර ඔහුගේ පවුල නම් කළ යුතු වේ.”


එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේ‍ට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්