එවිට නයෝමි උත්තර දෙමින් මෙසේ කීවා ය: “මාගේ දූවරුනි, ඔබ ආපසු යන්නට ම ඕනෑ ය. මා සමඟ එන්නේ කුමක් බලාපොරොත්තුවෙන් ද? ඔබට පුරුෂයන් වශයෙන් දීමට තවත් පුතුන් මාගේ කුසෙන් දැරීමට මට පුළුවන් ද?
නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමග යන්නේ මොකටද? නුඹලාට පුරුෂයෝ වෙන්ට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද?
එවිට ජුදා තම ලේලිය වන තාමාර්ට කතා කොට, “මාගේ පුත්‍ර ෂේලා වැඩිවියට පැමිණෙන තෙක් ඔබේ පියා වෙත වැන්දඹුවක මෙන් ආපසු යන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, ‘ඔහුගේ සහෝදරයන්ට වූ ලෙස ම ඇතැම් විට ඔහුත් මැරෙන්නට පුළුවනැ’යි සිතූ නිසා ය. එවිට තාමාර් ගොස්, තම පියාගේ ගෘහයෙහි පදිංචි වූවා ය.
එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය.
“එකට වාසය කරන සහෝදරයන් අතරෙන් එක් කෙනෙකු පුතෙකු නැතුව මළොත්, මියගිය තැනැත්තාගේ බිරිඳ, පිට පවුලක කෙනෙකු සමඟ විවාහ නොවිය යුතු ය. ඇගේ සැමියාගේ සහෝදරයා ඇය සරණ පාවාගෙන, ඇය වෙත පිවිස, සැමියාගේ සහෝදරයෙකු විසින් ඈ කෙරෙහි කළ යුතු යුතුකම ඔහු ඉටු කළ යුතු ය.
“අනේ, එසේ කළ නොහැකි ය. ඔබ සමඟ ඔබේ සෙනඟ වෙත අපි එන්නෙමු”යි කී හ.
මාගේ දූවරුනි, ආපසු ගෙදර යන්න. නැවතත් විවාහයක් කරගැනීමට මට දැන් වයස වැඩි යි. මා විවාහ වීමට අදහස් කළත්, එසේ නැති නම්, මා අද ම විවාහ වී පුතුන් ලැබුවත්,