‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත.
යොෂුවා 8:6 - Sinhala New Revised Version ‘පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලා යන්නෝ ය’යි කියමින්, අප ඔවුන් නගරයෙන් ඈත් කරගන්න තුරු ඔවුන් අප ලුහුබැඳ එනු ඇත. මෙසේ අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු. Sinhala New Revised Version 2018 ‘පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලා යන්නෝ ය’යි කියමින්, අප ඔවුන් නගරයෙන් ඈත් කරගන්න තුරු ඔවුන් අප ලුහුබැඳ එනු ඇත. මෙසේ අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු. Sinhala Revised Old Version මක්නිසාද: පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලායන්නෝයයි කියමින්, ඔවුන් නුවරින් ඈත්කරගන්න තුරු ඔවුන් අප පස්සේ එනවා ඇත; එබැවින් අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව. |
‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත.
සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”
නපුරු ක්‍රියාවකට විරුද්ධ ව නඩු තීන්දුව ඉක්මනින් ඉටු නොවන නිසා මිනිසුන්ගේ සිත් නපුර කිරීමට ඇදී යන්නේ ය.
තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.
මා සමඟ සිටින සියලු සෙනඟ ද මම ද නගරය දෙසට ගමන් කරන්නෙමු. එවිට ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධ ව පහර දීමට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.
එවිට ඔබ හැම සැඟවී සිටින තැනින් පිටතට අවුත් නගරය අල්ලාගන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබ අතට පාවා දෙන සේක.
“පළමු වන වතාවේ දී මෙන් ඔවුන් අප ඉදිරියෙහි පරාජය වනු ඇතැ”යි බෙන්ජමින්වරු කී හ. එහෙත් ඉශ්රායෙල්වරු, “අපි පලා ගොස් ඔවුන් නුවරින් ඈත් කොට, මාවත්වලට පමුණුවා ගනිමු”යි කීවෝ ය.