Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 8:6 - Sinhala Revised Old Version

6 මක්නිසාද: පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලායන්නෝයයි කියමින්, ඔවුන් නුවරින් ඈත්කරගන්න තුරු ඔවුන් අප පස්සේ එනවා ඇත; එබැවින් අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ‘පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලා යන්නෝ ය’යි කියමින්, අප ඔවුන් නගරයෙන් ඈත් කරගන්න තුරු ඔවුන් අප ලුහුබැඳ එනු ඇත. මෙසේ අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ‘පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලා යන්නෝ ය’යි කියමින්, අප ඔවුන් නගරයෙන් ඈත් කරගන්න තුරු ඔවුන් අප ලුහුබැඳ එනු ඇත. මෙසේ අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 8:6
7 හුවමාරු යොමු  

මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.


නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.


පළමු ලෙස ඔවුන් අප ඉදිරියෙහි පරාජයවෙනවායයි බෙන්යමින් පුත්‍රයෝ කීවෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපි පලාගොස් ඔවුන් නුවරින් ඈත්කොට මාවත්වලට පමුණුවාගනිමුයයි කීවෝය.


සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.


ඵාරාවෝද: ඔව්හු දේශයෙහි මංමුළාවී සිටිති, ඔව්හු කාන්තාරයට අසුවී සිටිතියි ඉශ්‍රායෙල් පුත්‍රයන් ගැන කියනවා ඇත.


මාද මා සමඟ සිටින සියලු සෙනඟද නුවරට ළංවී ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධව පිටතට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව;


එවිට නුඹලා සැඟවී සිටින තැනින් නැගිට ඇවිත් නුවර අල්ලාගන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹලා අතට පාවාදෙන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්