ඔවුන්ට ඔහු මෙසේ අණ කෙළේ ය: “බලන්න, ඔබ හැම නගරයට එහායින් සැඟවී සිටින්න; නගරයෙන් වැඩි දුර නොගොස්, සියල්ලන් ම සූදානම් වී සිටිය යුතු ය.
ඔවුන්ට අණකොට: නුඹලා නුවරට එහායින් සැඟවී සිටින්න, නුවරින් වැඩිදුර නොගොස් සියල්ලෝම සූදානම්ව සිටින්න.
රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය.
අබියා මෙසේ කී පසු ජෙරොබෝවම් ඔවුන්ට පිටුපසින් එන පිණිස සේනාවක් රහසින් වටේට යැවී ය. මෙසේ ඔව්හු ජුදාවරුන්ට ඉස්සරහින් ද රහස් සේනාව ඔවුන්ට පිටුපසින් ද සිටියෝ ය.
ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.
“බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳ ය”යි මම කීවෙමි. එහෙත්, දිළිඳාගේ ප්‍රඥාව සුළු කරනු ලැබේ. ඔහුගේ වචනයට සවන් දීමක් නැත.
එහෙත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මන්ද, ඔවුන්ගෙන් හතළිහකට වැඩි ගණනක් ඔහු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳී සැඟවී, බලා ගෙන සිටිති. දැන් ඔව්හු සූදානම් ව ඔබ තීරණය දෙන තෙක් බලා සිටිති”යි කී හ.
ඔවුන් පස්සේ ලුහුබැඳ යන පිණිස ආයි නගරයේ සිටි මුළු සෙනඟ රැස් කරගන්නා ලදහ. ඔව්හු ජෝෂුවා පස්සේ එළවාගෙන ගොස් නගරයෙන් ඈත් වූවෝ ය.
මෙසේ ජෝෂුවා සහ මුළු යුද්ධ සේනාව ආයි නගරයට යන පිණිස සැරසුණෝ ය. ජෝෂුවා බලසම්පන්න හේවායන් තිස්දහසක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යැව්වේ ය.
ඉශ්රායෙල්වරු ද ගිබියාව වටකර මිනිසුන් සඟවා තැබුවෝ ය.
එවිට සියලු ඉශ්රායෙල්වරු තමන් සිටි තැනින් නැඟිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිට ගත්තෝ ය. සැඟවී බලා සිටි ඉශ්රායෙල්වරු ද තමන්ගේ ස්ථානය වූ ගිබියාවෙහි පිට්ටනියෙන් නික්ම ආවෝ ය.
තමන් පරාජය වන බව බෙන්ජමින්වරුන්ට පෙනී ගියේ ය. ඉශ්රායෙල්වරු වනාහි තමන් ගිබියාවෙහි සඟවා තැබූ මිනිසුන් කෙරෙහි විශ්වාස කළ බැවින්, බෙන්ජමින්වරුන් ඉදිරියෙන් පසු බැස ගියහ.
ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධ ව කඳු මුදුන්වල මිනිසුන් රහසින් සිටෙව්වෝ ය. ඔව්හු ඒ මාර්ගයෙහි ඔවුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝ ය. එපවත් අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.
එබැවින් ඔබ සහ ඔබ සමඟ සිටින සෙනඟ රාත්‍රියේ පිටත් වී, කෙතේ සැඟවී සිට
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රයෙල් සෙනඟ මිසර දේශයෙන් එන කල, මාර්ගයේ දී අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කළ නිසා මම ඔවුන්ට දඬුවම් කරමි.
සාවුල් අමලෙක්වරුන්ගේ නුවරට පැමිණ මිටියාවතේ සැඟවී රැක සිටියේ ය.