Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 13:13 - Sinhala New Revised Version

13 අබියා මෙසේ කී පසු ජෙරොබෝවම් ඔවුන්ට පිටුපසින් එන පිණිස සේනාවක් රහසින් වටේට යැවී ය. මෙසේ ඔව්හු ජුදාවරුන්ට ඉස්සරහින් ද රහස් සේනාව ඔවුන්ට පිටුපසින් ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 අබියා මෙසේ කී පසු ජෙරොබෝවම් ඔවුන්ට පිටුපසින් එන පිණිස සේනාවක් රහසින් වටේට යැවී ය. මෙසේ ඔව්හු ජුදාවරුන්ට ඉස්සරහින් ද රහස් සේනාව ඔවුන්ට පිටුපසින් ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නුමුත් ඔවුන්ට පිටිපසින් එන පිණිස යෙරොබොවම් රහසින් සේනාවක් වටේට යැවීය. මෙසේ ඔව්හු යූදාවරුන්ට ඉස්සරහපිටින්ද රහස් සේනාව ඔවුන්ට පිටිපස්සෙන්ද සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:13
6 හුවමාරු යොමු  

මෙසේ ජෝෂුවා ඔවුන් යැව්වේ ය; ඔව්හු ගොස් ආයි නගරයට බස්නාහිරෙන් බෙතෙල්ටත් ආයිටත් අතර සැඟවී සිටියෝ ය. ජෝෂුවා සෙනඟ සමඟ ඒ රාත්‍රිය ගත කෙළේ ය.


ඔවුන්ට ඔහු මෙසේ අණ කෙළේ ය: “බලන්න, ඔබ හැම නගරයට එහායින් සැඟවී සිටින්න; නගරයෙන් වැඩි දුර නොගොස්, සියල්ලන් ම සූදානම් වී සිටිය යුතු ය.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


ඔවුන් ප්‍රීති ඝෝෂාව ද ප්‍රශංසාව ද පටන්ගත් වේලාවේ දී ජුදාහි ජනයාට විරුද්ධ ව අවුත් සිටි අම්මොන්වරුන්ට සහ මෝවබ්වරුන්ට ද සේයිර් කඳුකරයේ වැසියන්ට ද විරුද්ධ ව සැඟවී සිට පහර දෙන සේනාවක් සමිඳාණන් වහන්සේ සිටවූ සේක. ඔව්හු පැරදුණෝ ය.


නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියාම් ජුදා දේශයෙහි රජ වී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්