යොෂුවා 7:18 - Sinhala New Revised Version ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ජුදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත් වූ ආකාන් අසු විය. Sinhala New Revised Version 2018 ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ජුදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත් වූ ආකාන් අසු විය. Sinhala Revised Old Version ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ළංකෙරෙවු විට යූදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් අසුවිය. |
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සොරෙකු අසු වූ විට ලජ්ජාවට පැමිණෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාගේ රජවරු ද අධිපතියෝ ද පූජකවරු ද දිවැසිවරු ද ඇතුළු සියලු දෙනා ලජ්ජාවට පැමිණෙති.
එහෙත්, ඔබ එලෙස නොකරන්නහු නම්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ හැම පව් කරන්නහු ය. ඔබේ පාපය ද ඔබ පිට පැවරෙන බව දැනගන්න.
ඔහු ජුදා ගෝත්‍රය ඉදිරියට ගෙන්වූ විට ශෙරාවරුන්ගේ පවුල අසු විය. ශෙරාගේ පවුල එක එක පෙළපත වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ශබ්දිගේ පෙළපත අසු විය.
එවිට සාවුල් කතා කරමින්, “මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි.