1 සාමුවෙ 14:42 - Sinhala New Revised Version42 එවිට සාවුල් කතා කරමින්, “මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201842 එවිට සාවුල් කතා කරමින්, “මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version42 මා සහ මාගේ පුත්‍රවූ යොනාතාන් අතරේ පසඇට දමන්නැයි සාවුල් කීය. එවිට යොනාතාන් අසුවිය. පරිච්ඡේදය බලන්න |
සාවුල් යාච්ඤා කරමින්, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේගේ මෙහෙකරු වන මට අද ඔබ පිළිතුරු නුදුන්නේ මන් ද? ඉශ්රායෙල්හි දෙවි සමිඳුනි, වරද මා අත හෝ මාගේ පුත් ජොනතන් අත හෝ වේ නම්, උරීම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්න. වරද ඔබ වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ අතේ නම්, තුමිම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්නැ”යි සමිඳාණන් වහන්සේට කීවේ ය. දාදු දැමූ විට සාවුල් සහ ජොනතන් වරදකරුවන් බව පෙනිණි. සෙනඟ වරදින් නිදහස් වුණෝ ය.