ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 5:13 - Sinhala New Revised Version

ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, “ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, “ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 5:13
24 හුවමාරු යොමු  

තවද, සමිඳාණන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟ දී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස්නය ඇති වේලාවේ කූඩාරමේ දොරකඩ වාඩි වී සිටියේ ය.


ඔහු නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි! තමාට නුදුරින් මිනිසුන් තිදෙනෙකු සිටිනු දිටී ය. ඔවුන් දුටු විට ඔහු ඔවුන් හමුවීමට ගොස් හිස නමා, වැඳ වැටුණේ ය.


ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය.


ජාකොබ් නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි, ඒසව් ද ඔහු සමඟ හාරසියයක පිරිසක් ද එනු දිටී ය. එවිට ඔහු ලෙයා, රාකෙල් සහ සේවිකාවන් දෙදෙන අතර දරුවන් බෙදා දී,


ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය.


එසේ දෙවියන් වහන්සේගේ සේනාව වැනි මහත් සේනාවක් වන තෙක් දාවිත්ට උපකාර කරන පිණිස මිනිස්සු දවසින් දවස ඔහු ළඟට පැමිණියහ.


තවද, සමිඳාණන් වහන්සේ දේව දූතයාට අණ කළ විට, ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයාගේ කඩුවට බිය වූ නිසා දෙවියන් වහන්සේගෙන් විචාරණ පිණිස එය ඉදිරියට යන්න දාවිත්ට නොහැකි විය.


මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි.


එසේ සිටිය දී මා ඇස් ඔසවා බැලූ විට, සිනිඳු හණ රෙදි හැඳගත්, දඹ රන් බඳ පටියකින් ඉඟටිය බැඳගත් මිනිසෙකු දිටිමි.


මා ඇස් ඔසවා බැලූ විට අං දෙකක් ඇති බැටළුවෙකු ගං ඉවුරෙහි සිටිනු දිටිමි. උගේ අං දිග ය. එහෙත්, එකක් අනිකට වඩා දිග ය. වඩා දිග එක හටගත්තේ පසු ව ය.


බලන්න, රාත්‍රි කාලයේ රතු අශ්වයෙකු පිට නැඟී සිටි මිනිසෙක් මට දර්ශනය විය. මිටියාවතේ තිබුණු රටමරඳ ගස් අතරේ ඔහු නතර වී සිටියේ ය. ඔහු පිටිපස්සේ රතු පාට, දුඹුරු පාට හා සුදු පාට අශ්වයෝ සිටියහ.


අතේ කඩුවක් ඇති, සමිඳාණන් වහන්සේගේ දූතයා පාර හරහා සිටිනු දුටු විට, කොටළුවා පාරෙන් ඉවත් ව කෙතට ගියේ ය. එහෙත් බාලාම් කොටළුවා ආපසු පාරට හරවන පිණිස, ඌට පහර දුන්නේ ය.


එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි.


උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි.


ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි.


මානෝවා නැඟිට සිය භාර්යාව කැටුව ගොස්, ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ, “මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔව්, මම යැ”යි පිළිතුරු දුන්නේ ය.


මානෝවා කතා කොට, “අප දෙවියන් වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසින්නෙමු”යි තම භාර්යාවට කීවේ ය.