Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 13:11 - Sinhala New Revised Version

11 මානෝවා නැඟිට සිය භාර්යාව කැටුව ගොස්, ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ, “මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔව්, මම යැ”යි පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මානෝවා නැඟිට සිය භාර්යාව කැටුව ගොස්, ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ, “මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔව්, මම යැ”යි පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 මානෝවා නැගිට තමාගේ භාර්යාව කැටුව ගොස් ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ: මේ ස්ත්‍රීට කථාකළ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: මමයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 13:11
5 හුවමාරු යොමු  

එවිට මානෝවා සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “අහෝ, සමිඳුනි, ඔබ විසින් එවන ලද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා නැවත අප ළඟට අවුත්, උපදින්නට යන දරුවාට අප විසින් කරනු ලැබිය යුතු දේ ඉගැන්වුව මැනවැ”යි කීවේ ය.


එවිට මානෝවා කතා කොට, “ඔබ කී දේ ඉටු වූ විට, දරුවා හැසිරිය යුත්තේ කෙසේ ද? ඔහු කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය.


සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, “මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා.


ඔබේ මෙහෙකරු වූ මාගේ පිය වූ දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔබ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.


ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, “ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්