මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”
යොෂුවා 24:9 - Sinhala New Revised Version එකල ශිප්පෝර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක් ඉදිරිපත් වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, නුඹලාට සාප කරන පිණිස බෙයෝර්ගේ පුත් බාලාම්ට අඬගසා යැව්වේ ය. Sinhala New Revised Version 2018 එකල ශිප්පෝර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක් ඉදිරිපත් වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, නුඹලාට සාප කරන පිණිස බෙයෝර්ගේ පුත් බාලාම්ට අඬගසා යැව්වේ ය. Sinhala Revised Old Version එකල ශිප්පෝර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක් නැගිට ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකර, නුඹලාට ශාපකරන පිණිස බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ට අඬගසා හැරියේය. |
මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”
එවිට ඉශ්රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර ලැබේවා’යි කී හ. එහෙත්, ඒදොම් රජු එයට සවන් නොදුන්නේ ය. මෝවබ් රජු වෙතටත් එසේ ම පණිවුඩකාරයෝ යවනු ලැබූ හ. ඔහු ද ඒ ඉල්ලීමට කැමැති නො වී ය. ඉශ්රායෙල්වරු කාදෙෂ්හි නැවතී සිටියෝ ය.
ශිප්පොර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක්ට වඩා ඔබ කොයි අයුරකින් වත් උතුම් ද? ඔහු ඉශ්රායෙල්වරුන් සමඟ කවරදා වත් ආරාවුල් කෙළේ ද? ඔවුන්ට විරුද්ධ ව කවරදා වත් යුද්ධ කෙළේ ද?