Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 24:10 - Sinhala New Revised Version

10 එහෙත්, මා බාලාම්ට සවන් දීමට නොකැමැති වූ බැවින් ඔහු නුඹලාට ආශීර්වාද කෙළේ ය. මෙසේ මම ඔවුන්ගේ අතින් නුඹලා ගැළවීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එහෙත්, මා බාලාම්ට සවන් දීමට නොකැමැති වූ බැවින් ඔහු නුඹලාට ආශීර්වාද කෙළේ ය. මෙසේ මම ඔවුන්ගේ අතින් නුඹලා ගැළවීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එහෙත් මා බාලාම්ට ඇහුම්කන්දෙන්ට නොකැමැතිවූ හෙයින් ඔහු නුඹලාට ආශීර්වාදම කෙළේය. මෙසේ මම ඔහුගේ අතින් නුඹලා ගැළවීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:10
10 හුවමාරු යොමු  

නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”


මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”


එවිට උන් වහන්සේගේ දූතයා බාලාම්ට කතා කොට, “මේ මිනිසුන් සමඟ යන්න. එහෙත්, මම නුඹට දන්වන දේ පමණක් නුඹ කිව යුතු ය”යි උත්තර දුනි. එවිට බාලාම් බාලාක්ගේ නායකයන් සමඟ යන්නට ගියේ ය.


එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ බාලාම්ට ඇහුම්කන් නුදුන් සේක. උන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවින්, ඒ සාපය ආශීර්වාදයකට හැරෙවූ සේක.


නුඹලා ජොර්දානින් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහු ය. ජෙරිකෝවේ වැසියෝ ද අමෝරිවරු ද පෙරිස්සිවරු ද කානානිවරු ද හිත්තීවරු ද ගිර්ගාෂිවරු ද හිවීවරු ද ජෙබුසිවරු ද නුඹලාට විරුද්ධ ව සටන් කළෝ ය. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්