“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.
යොෂුවා 24:8 - Sinhala New Revised Version ‘තවද, මම නුඹලා ජොර්දානින් එතෙර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ගෙනාවෙමි. ඔව්හු නුඹලාට විරුද්ධ ව යුද්ධ කළහ. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. නුඹලා ඔවුන්ගේ දේශය හිමි කර ගත්තහු ය. මම ඔවුන් නුඹලා ඉදිරියෙන් විනාශ කරදැමීමි. Sinhala New Revised Version 2018 ‘තවද, මම නුඹලා ජොර්දානින් එතෙර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ගෙනාවෙමි. ඔව්හු නුඹලාට විරුද්ධ ව යුද්ධ කළහ. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. නුඹලා ඔවුන්ගේ දේශය හිමි කර ගත්තහු ය. මම ඔවුන් නුඹලා ඉදිරියෙන් විනාශ කරදැමීමි. Sinhala Revised Old Version තවද යොර්දානෙන් එතර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට නුඹලා ගෙනායෙමි; ඔව්හු නුඹලාට විරුද්ධව යුද්ධකළෝය. මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි, නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගත්තහුය; මම නුඹලා ඉදිරියෙන් ඔවුන් විනාශකෙළෙමි. |
“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.
මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි.
“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.
“එහෙත්, කිහිරි ගස් මෙන් උස, කළුවර ගස් මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහමුලින් ම විනාශ කරදැම්මේ මම ය.
ඒ ප්‍රදේශයට හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට, අම්මොන්වරුන්ගේ සීමාව දක්වා අයිති ව තිබුණු සියලු නගර ද