Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:8 - Sinhala New Revised Version 2018

8 ‘තවද, මම නුඹලා ජොර්දානින් එතෙර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ගෙනාවෙමි. ඔව්හු නුඹලාට විරුද්ධ ව යුද්ධ කළහ. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. නුඹලා ඔවුන්ගේ දේශය හිමි කර ගත්තහු ය. මම ඔවුන් නුඹලා ඉදිරියෙන් විනාශ කරදැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ‘තවද, මම නුඹලා ජොර්දානින් එතෙර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ගෙනාවෙමි. ඔව්හු නුඹලාට විරුද්ධ ව යුද්ධ කළහ. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. නුඹලා ඔවුන්ගේ දේශය හිමි කර ගත්තහු ය. මම ඔවුන් නුඹලා ඉදිරියෙන් විනාශ කරදැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 තවද යොර්දානෙන් එතර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට නුඹලා ගෙනායෙමි; ඔව්හු නුඹලාට විරුද්ධව යුද්ධකළෝය. මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි, නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගත්තහුය; මම නුඹලා ඉදිරියෙන් ඔවුන් විනාශකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:8
10 හුවමාරු යොමු  

“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.


ඒ ප්‍රදේශයට හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට, අම්මොන්වරුන්ගේ සීමාව දක්වා අයිති ව තිබුණු සියලු නගර ද


සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.


මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි.


“එහෙත්, කිහිරි ගස් මෙන් උස, කළුවර ගස් මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහමුලින් ම විනාශ කරදැම්මේ මම ය.


“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්