යොෂුවා 24:2 - Sinhala New Revised Version ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. Sinhala New Revised Version 2018 ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. Sinhala Revised Old Version යෝෂුවා මුළු සෙනඟට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–පූර්වකාලයෙහි නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහොර්ගේද පියවූ තෙරා ප්‍රාත් ගංගාවෙන් එතර වාසයකෙළේය. ඔව්හු අන් දෙවිවරුන්ට සේවයකළෝය. |
තේරාට අවුරුදු හැත්තෑවක් වයස් වූ කල ඔහුට ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් යන පුතුන් තිදෙන උපන්නෝ ය.
තේරාගේ පෙළපත මෙසේ ය: තේරා වනාහි ආබ්‍රම්, නාහෝර් සහ හාරාන්ගේ පියා ය. හාරාන් ලොත්ගේ පියා ය.
ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.
ඔබේ පියාගේ ගෘහය බලා යෑමට ඔබට බලවත් ආශාවක් ඇති වූ නිසා, පිටත් ව ගිය බව මම දනිමි. එහෙත්, ඔබ මා සතු කුල දේවතා රූප සොරාගත්තේ මන්දැ”යි ඇසී ය.
එහෙත්, ඔබ සතු කුල දේවතා රූප යමෙකු ළඟ තිබී ඔබට සම්බ වේ ද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ. අප පිරිස ඉදිරිපිට අප ළඟ ඇති දේ සොයා බලා, ඔබට සතු දේ ගන්නැ”යි කී ය. එහෙත්, රාකෙල් ඒ කුල දේවතා රූප සොරාගත් බව ජාකොබ් දැන සිටියේ නැත.
තවද, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය.
ඔවුන් ද, තමන් ළඟ තිබූ සියලු ම විදේශීය දේවතා රූප හා ඔවුන් පැළඳ හුන් කර්ණාභරණ ද ජාකොබ්ට දුන් විට ඔහු ෂෙකෙම් නම් ස්ථානය අසල තිබූ ආලෝන ගස යට ඒවා සැඟවී ය.
නුඹලාගේ ආදි පිය වූ ආබ්‍රහම් ද නුඹලා ප්‍රසූත කළ සාරා ද ගැන සිතා බලන්න. මා ආබ්‍රහම් කැඳෙවු විට ඔහුට දරු සම්පතක් නො වී ය. එහෙත්, මම ඔහුට ආශීර්වාද කර දරු පරපුරක් දිනිමි.
‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. “ “ ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි.
ඔහු ජාකොබ්ගේ පුත්‍රයා ය, ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය, ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහෝර්ගේ පුත්‍රයා ය,
“ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය.
සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.”