Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:2 - Sinhala Revised Old Version

2 යෝෂුවා මුළු සෙනඟට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–පූර්වකාලයෙහි නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහොර්ගේද පියවූ තෙරා ප්‍රාත් ගංගාවෙන් එතර වාසයකෙළේය. ඔව්හු අන් දෙවිවරුන්ට සේවයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:2
16 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.


ඉතින් නුඹේ පියාගේ ගෙදරට යන්ට නුඹ අතිශයින් ආශා ඇති බැවින් නුඹ යන්ටම ඕනෑ නුමුත්, මාගේ දේවතාවන් සොරකම්කරගත්තේ මක්නිසාදැයි කීවේය.


මෙසේ කියන්නස්වාමිවූ දෙවියන්වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේක: නුඹේ පිළිසිදීම සහ නුඹේ ඉපදීමද කානානිවරුන්ගේ දේශයේදී සිද්ධවිය; නුඹේ පියා අමෝරියයාය, නුඹේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය.


නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.


එවිට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකර: මාගේ පියාණෝ නැතිවෙන්ට ගිය අරාමියයෙක්ය, ඔහු ස්වල්පදෙනෙකුන් සමඟ මිසරයට ගොස් එහි වාසය කොට මහත්වූ බලවත්වූ ගණනින් බොහෝවූ ජාතියක් විය.


එවිට ඔව්හු තමුන් අත තුබූ සියලු අන් දෙවිවරුන් සහ තමන්ගේ කන්වල තිබුණු ආභරණද යාකොබ්ට දුන්නෝය; යාකොබ් ෂෙඛෙම් ළඟ තිබුණු ආලොන් ගස යට ඒවා සඟවා තැබුවේය.


ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.


කවරෙකු ළඟ නුමුත් නුඹේ දේවතාවෝ සම්බවෙත්ද ඔහු ජීවත් නොවේවා. නුඹේ යම් දෙයක් මා ළඟ තිබේද කියා අපේ සහෝදරයන් ඉදිරියේදී බලා එය ගන්නැයි කීවේය. මක්නිසාද රාඛෙල් ඒවා සොරාගත් බව යාකොබ් නොදත්තේය.


එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.


තේරා හැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය.


ඔහු යාකොබ්ගේ පුත්‍රයාය, ඔහු ඊසාක්ගේ පුත්‍රයාය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයාය, ඔහු තේරාගේ පුත්‍රයාය, ඔහු නාහොර්ගේ පුත්‍රයාය,


නාහොර් විසිනව අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව තේරා උපන්නේය.


තේරාගේ පරම්පරාව මේය. තේරාට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය; හාරාන්ට දාව ලොත් උපන්නේය;


සෙරුග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව නාහොර් උපන්නේය.


තේරා සහ ආබ්‍රම් (එනම් ආබ්‍රහම්)ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්