අර්වාදිවරුන්ගේ ද ශෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරී ගියෝ ය.
යොෂුවා 19:35 - Sinhala New Revised Version පවුරු සහිත නගර නම්: ශිද්දීම් ද ශේර් ද හම්මත් ද රක්කත් ද කින්නෙරොත් ද Sinhala New Revised Version 2018 පවුරු සහිත නගර නම්: ශිද්දීම් ද ශේර් ද හම්මත් ද රක්කත් ද කින්නෙරොත් ද Sinhala Revised Old Version පවුරු ඇති නුවරවල් නම්: ශිද්දීම්ද ශේර්ද හම්මත්ද රක්කත්ද කින්නෙරෙත්ද, |
අර්වාදිවරුන්ගේ ද ශෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරී ගියෝ ය.
මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ.
ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.
එවිට ඔව්හු උතුරට ගොස්, ශීන් නම් පාළුකරයේ සිට හමාත් නම් දුර්ගයේ පිහිටි රෙහොබ් දක්වා වූ රටෙහි ඔත්තු බැලූ හ.
කින්නෙරෙත් නම් ස්ථානයේ සිට පෙරදිගින් වූ පිස්ගා නම් කඳු පාමුල පිහිටි මළ මුහුදේ වෙරළ අසබඩ වූ මිටියාවත සහ ජොර්දාන් ගඟ තවත් සීමාවක් විය.
උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහි පහත රටේත්, බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටි රජවරුන්ට ද පණිවුඩයක් යැව්වේ ය.
හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතිරි කොට්ඨාශය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම් ද බෙත්-නිම්රා ද සුක්කොත් ද ශාපොන් ද නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වාත් ජොර්දාන් සහ සීමාව ද යන මේ ය.
එතැනින් සීමාව බස්නාහිරට හැරී අස්නොත්-තාබෝර් දෙසට ගොස්, එතැනින් හුකොක්ට පැමිණ, දකුණෙන් සාබුලොන් ද බස්නාහිරෙන් ආෂෙර් ද නැගෙනහිරෙන් ජොර්දානේ ජුදා ද දක්වා විය.
මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.
නප්තලීගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නුවරක් වූ ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ ඒ අවට තණ බිම් ද හම්මොත්-දෝර් සහ ඒ අවට තණ බිම් ද කර්තාන් සහ ඒ අවට තණ බිම් ද යන නගර තුනත් දුන්නෝ ය.
ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;