අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.
යොෂුවා 19:11 - Sinhala New Revised Version ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරාලාට නැඟී, දබ්බෙෂෙත්ට ද ජොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟට ද පැමිණියේ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරාලාට නැඟී, දබ්බෙෂෙත්ට ද ජොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟට ද පැමිණියේ ය. Sinhala Revised Old Version ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරලාට නැගී, දබ්බෙෂෙත්ටද යොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟටද පැමුණුණේය; |
අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.
තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.
සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතැනින් දාබෙරත්ට ද ජාපීයාට ද නැඟී ගියේ ය;