Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 6:68 - Sinhala New Revised Version

68 ජොක්මෙයාම් සහ එහි තණ බිම් ද බෙත්-හෝරොන් සහ එහි තණ බිම් ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

68 ජොක්මෙයාම් සහ එහි තණ බිම් ද බෙත්-හෝරොන් සහ එහි තණ බිම් ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

68 යොක්මෙයාම් සහ ඒකේ පිට-බිම්ද බෙත්-හෝරොන් සහ ඒකේ පිට-බිම්ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:68
8 හුවමාරු යොමු  

අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.


මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;


අයාලෝන් සහ එහි තණ බිම් ද; ගැත්-රිම්මෝන් සහ එහි තණ බිම් ද;


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.


තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ.


එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය;


කිබ්ශයිම් සහ ඒ අවට තණ බිම් ද බෙත්-හෝරොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතර ඔවුන්ට දුන්නෝ ය.


එක කණ්ඩායමක් බෙත්-හෙරොන්ට යන දිශාවට ගියේ ය. අනෙක් කණ්ඩායම පාළුකරයට සහ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන දේශ සීමා දෙසට ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්