“බස්නාහිර දේශ සීමාව නම්, මධ්‍යධරණි මුහුද පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මධ්‍යධරණි මුහුද වේ. බස්නාහිර සීමාව එය වේ.
යොෂුවා 15:12 - Sinhala New Revised Version බස්නාහිර සීමාව මධ්‍යධරණි මුහුදත් එහි වෙරළත් ය. ජුදා ගෝත්‍රයේ පවුල්වලට දී තිබුණ ප්‍රදේශය වටේට වූ සීමාව මෙය විය. Sinhala New Revised Version 2018 බස්නාහිර සීමාව මධ්‍යධරණි මුහුදත් එහි වෙරළත් ය. ජුදා ගෝත්‍රයේ පවුල්වලට දී තිබුණ ප්‍රදේශය වටේට වූ සීමාව මෙය විය. Sinhala Revised Old Version බස්නාහිර සීමාව නම් මහ මුහුදත් එහි අසබඩත්ය. යූදා පුත්‍රයන්ගේ පවුල්වල හැටියට වටේට තිබුණ ඔවුන්ගේ සීමාව මේය. |
“බස්නාහිර දේශ සීමාව නම්, මධ්‍යධරණි මුහුද පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මධ්‍යධරණි මුහුද වේ. බස්නාහිර සීමාව එය වේ.
ඔබ පස් පාගන හැම තැනක් ම ඔබට අයිති වනු ඇත. පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වා ද, යුප්‍රටීස් ගංගාවේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද දේශය ඔබේ වන්නේ ය.
එතැනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂික්-කෙරොන්ට වැටී එතැනින් බාලා කන්දට ගොස් ජබ්නෙයෙල්ට වැටී, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
අෂ්දොද් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය. මිසරයේ ඔය සහ මධ්‍යධරණි මුහුදත් එහි අසබඩත් දක්වා ගාසා ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය.
ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝ ය. ජුදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටී වා; ජෝසෙප්ගේ පරපුර උතුරු දිග තිබෙන තමන්ගේ සීමාව තුළ සිටී වා.