Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 15:12 - Sinhala Revised Old Version

12 බස්නාහිර සීමාව නම් මහ මුහුදත් එහි අසබඩත්ය. යූදා පුත්‍රයන්ගේ පවුල්වල හැටියට වටේට තිබුණ ඔවුන්ගේ සීමාව මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 බස්නාහිර සීමාව මධ්‍යධරණි මුහුදත් එහි වෙරළත් ය. ජුදා ගෝත්‍රයේ පවුල්වලට දී තිබුණ ප්‍රදේශය වටේට වූ සීමාව මෙය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 බස්නාහිර සීමාව මධ්‍යධරණි මුහුදත් එහි වෙරළත් ය. ජුදා ගෝත්‍රයේ පවුල්වලට දී තිබුණ ප්‍රදේශය වටේට වූ සීමාව මෙය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:12
7 හුවමාරු යොමු  

බස්නාහිර පැත්ත නම් සීමාවේ පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මහ මුහුදය. බස්නාහිර පැත්ත ඒකය.


අෂ්දොද්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය; මිසරයේ ඔය සහ මහ මුහුදත් එහි අසබඩත් දක්වා ගාසාද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.


නුඹලාගේ පා තබන සියලු තැන් නුඹලාට වන්නේය. නුඹලාගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පිටුපස මුහුද දක්වාම වන්නේය.


එතනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂීක්කෙරොන්ට වැටී, එතනින් බාලා කන්දට ගොස් යබ්නෙයෙල්ට වැටී, මුහුද ළඟ කෙළවරවුණේය.


ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝය. යූදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටීවා, යෝසෙප්ගේ වංශය උතුරු දිග තිබෙන තමුන්ගේ සීමාව තුළ සිටීවා.


රූබෙන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා යූදාට එකක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්