ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 13:30 - Sinhala New Revised Version

ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන්ගේ පළාත නම් මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජවූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන යායිර්ගේ සියලු නිවාස වන නුවරවල් හැටකුත්ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 13:30
11 හුවමාරු යොමු  

තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය.


ඉන්පසු ඔව්හු හැරී බාෂාන් බලා ගියහ. එවිට බාෂාන්හි රජු වූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පහර දීමට එද්රෙයි නම් ස්ථානයට ගියහ.


අපි බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජධානියට අයත් මිටියාවතේ වූ සියලු නගර ද, සලෙකා සහ එද්රෙයි යන නගර දක්වා මුළු ගිලියද් ප්‍රදේශය හා බාෂාන් ප්‍රදේශය ද අල්ලා ගතිමු.


තවද, එකල අපි ඔවුන්ගේ නගරවලින් එකක් වත් නෑර, නගර සියල්ල ම අල්ලා ගතිමු. එනම්, නගර හැටක් සහිත බාෂාන්හි රජකම් කළ ඕග් රජුගේ රාජධානිය වූ, මුළු අර්ගොබ් පළාත ම අල්ලා ගතිමු.


හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනිම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාත් ද


මෝසෙස් මනස්සේ අර්ධ ගෝත්‍රයටත් ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දුන්නේ ය.


මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය.


ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද