Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 21:38 - Sinhala New Revised Version

38 ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:38
14 හුවමාරු යොමු  

ඔහු ඔවුන් දුටු විට, “මේ දෙවියන් වහන්සේගේ සේනාව ය” කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබී ය.


දාවිත් රජ මහනයිම් නගරයට පැමිණියේ ය. අබ්සලොම් ද ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ ද ජොර්දාන් ගඟෙන් එගොඩට ගියෝ ය.


බර්ශිල්ලයි අසූ අවුරුද්දක් වයස් වූ මහලු කෙනෙකු ව සිටියේ ය. ඔහු රජු මහනයිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයා දුන්නේ ය. ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙක් ය.


තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,


ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කතා කොට, “රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ දන්නහු ද? දැනගෙනත්, අප එය සිරියාවේ රජු අතින් උදුරාගැනීමට කිසිවක් නොකර සිටිනු නොවේ දැ”යි කීවේ ය.


රාමොත්-ගිලියද්හි සිටි බෙන්‍-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.


මහනයිම් නගරයේ විසූ ඉද්දෝගේ පුත් අහිනාදාබ් ය.


ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ එහි තණ බිම් ද මහනයිම් සහ එහි තණ බිම් ද


මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය.


හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනිම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාත් ද


ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.


ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය.


කෙදෙමොත් සහ ඒ අවට තණ බිම් ද මේපාත් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.


හෙෂ්බොන් සහ ඒ අවට තණ බිම් ද ජාශර් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්