ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 12:23 - Sinhala New Revised Version

දෝර් කඳුකරේ දෝර්හි රජ; ගිල්ගාල්හි විසූ ගොයිම්හි රජ හා

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෝර් කඳුකරේ දෝර්හි රජ; ගිල්ගාල්හි විසූ ගොයිම්හි රජ හා

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දෝර් කඳුකරේ වූ දෝර්හි රජ එක්කෙනෙක්ය; ගිල්ගාල්හි සිටිය ජාතීන්ගේ රජ එක්කෙනෙක්ය;

පරිච්ඡේදය බලන්න



යොෂුවා 12:23
6 හුවමාරු යොමු  

එක් කාලයක දී සාබුලොන් රට ද නප්තලී රට ද අපකීර්තියට පත් වූ නමුත්, අනාගතයේ දී, මධ්‍යධරණි මුහුදේ සිට නැගෙනහිර දෙසට ජොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පළාතට එනම්, විදේශීන් වාසය කරන ගලීලය දේශයට ගෞරව පැමිණෙන්නේ ය.


උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහි පහත රටේත්, බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටි රජවරුන්ට ද පණිවුඩයක් යැව්වේ ය.


තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය.


මෙලෙස සෙනඟ පළමු වන මාසයේ දස වන දින ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, ජෙරිකෝවට නැගෙනහිර දිශාවෙහි ගිල්ගාල් නම් ස්ථානයෙහි කඳවුරු බැඳගත්තෝ ය.