තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.
යොෂුවා 10:9 - Sinhala New Revised Version ජෝෂුවා ගිල්ගාල් සිට රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට හදිස්සියෙන් ඔවුන් කරා පැමිණියේ ය. Sinhala New Revised Version 2018 ජෝෂුවා ගිල්ගාල් සිට රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට හදිස්සියෙන් ඔවුන් කරා පැමිණියේ ය. Sinhala Revised Old Version යෝෂුවා ගිල්ගාල්හි සිට රාත්‍රිය මුළුල්ලේ නැගී ගොස් හදිසියෙන් ඔවුන් ළඟට පැමිණියේය. |
තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.
ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.
දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක.
එවිට ජෝෂුවා මුළු යුද්ධ සේනාව සමඟ මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ සිටි ඔවුන්ට විරුද්ධ ව හදිස්සියේ අවුත් ඔවුන් මැදට කඩා පැන්නේ ය.