Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:8 - Sinhala New Revised Version

8 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද මා විසින් ඔවුන් නුඹ අතට පාවාදී තිබේ; ඔවුන්ගෙන් කිසිවෙක්වත් නුඹ ඉදිරියේ නොසිටින්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:8
16 හුවමාරු යොමු  

කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?


සමිඳාණන් වහන්සේ මා අමතා, ‘ඔහුට බිය නොවන්න. ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් නුඹේ බලයට මම පාවා දෙන්නෙමි. හෙෂ්බොන්හි පදිංචි වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට නුඹ කළ පරිදි, මොහුටත් කළ යුතු ය’යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න: මන්ද, ඔවුන් මැරුම් කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දෙන්නෙමි; ඔවුන්ට අයත් අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදමන්නැ”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “බිය නොවන්න, නොකැළඹෙන්න. මුළු යුද්ධ සේනාව නුඹ සමඟ රැගෙන ආයි නගරයට යන්න. මම ආයි රජු හා ඔහුගේ සෙනඟත්, ඔහුගේ නගරයත්, ඔහුගේ රටත් නුඹ අතට පාවා දෙන්නෙමි.


උන් වහන්සේ ඔවුන්ගේ රජවරුන් ඔබේ බලයට පාවා දෙනු ඇත. ඔබ ද ඔවුන්ගේ නම මිහි පිටින් මකා දැමිය යුතු ය. ඔබ ඔවුන් වනසාලන විට කිසිවෙකුට ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වනු ඇත.


ජෝෂුවා ගිල්ගාල් සිට රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට හදිස්සියෙන් ඔවුන් කරා පැමිණියේ ය.


ජෝෂුවා ඔවුන්ට කතා කොට, “බිය නොවී නොකැළඹී සිටින්න; ශක්තිමත් ව ධෛර්යවත් ව සිටින්න; මන්ද, ඔබට විරුද්ධ ව යුද්ධ කරන ඔබේ සියලු සතුරන්ට සමිඳාණන් වහන්සේ මෙසේ කරන සේකැ”යි කීවේ ය.


එදා රෑ සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “නැඟිට කඳවුරට පහර දෙන්න; මම ඔවුන් නුඹේ අතට පාවා දෙන්නෙමි.


සමිඳාණන් වහන්සේ ද, “සැබැවින් මම නුඹ සමඟ සිටින්නෙමි. නුඹ එක් කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන්වරුන්ට පහර දෙන්නෙහි යැ”යි ඔහුට වදාළ සේක.


ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.


එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්